සිංගප්පුරු මුහුදේ දී බේරා ගැනුනු සංක්‍රමණිකයින් අතර ශ්‍රිී ලාංකිකයින් සිටිීදැයි සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි
සිංගප්පුරුව බලා සංක්‍රමණය වෙමින් සිටියදී අනතුරට පත් බෝට්ටුවේ බේරා ගත් පිරිස අතර ශ්‍රිී ලාංකිකයින් සිටීද යන්න මේ වනවිට සොයා බලමින් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඒ පිළිබඳ අදාල තානාපති කාර්යාල සම්බන්ධ කර ගනිමින් තොරතුරු පරීක්ෂා කරමින් සිටින බව අමාත්‍යංශය කියයි. එම පිරිස අතර ශ්‍රිී ලාංකිකයින් සිටිීද යන්න මෙතෙක් තහවුරු කර නැතැයි ද එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජාතික ගුවන් විදුලියට පැවසීය.. එම අනතුරින් 300 ක පිරිසක් බේරා ගෙන තිබෙ.් ඒ සඳහා වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් ද සහාය ලැබී ඇත. බේරා ගත් පිරිස වියට්නාමයට ගොඩ බැසීමෙන් පසු අනන්‍යතා තහවුරු කර ගැනීමට නියමිතය.