බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

අතිපුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ අභිනව අටමස්ථානාධිපති ධුරයේ වැඩභාර ගැනිමේ අද

Share Button

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නායන ස්වාමින් වහන්සේ අභිනව අටමස්ථානාධිපති ධුරයේ වැඩභාර ගැනිම අද සිදුවෙයි.

අද පෙරවරු 6. 45 ට අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධි විහාර භුමියට වැඩම කරන උන්වහන්සේ පෙරවරු 6. 50 ට උතුරු වාහල්කඩ වෙත පෙරහරින් වැඩම කිරිමට නියමිතයි.

අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ මහතා සාම්ප්‍රදායිකව උන් වහන්සේට පිච්චමල් වට්ටියක් පිලිගැන්විමෙන් අනතුරුව එය ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා කිරිමට නියමිතයි. අනතුරුව අටමස්ථානාධිපති ධුරයේ හේමරතන ස්වාමින් වහන්සේ වැඩභාරගැනිම සිදුවෙයි.

අභිනව අටමස්ථානාධිපති නාහිමියන්ගේ සුරතින් විහාරමලුවේ බෝ අංකුරයක් රෝපණය කිරිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...