ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණය ඩිමොක්‍රටික් පක්ෂයට

Share Button

ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරණයෙන් ඇරිසෝනා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වෙයි. ඒ සමග ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ඩිමොක්‍රටික් පක්ෂයට සෙනෙට් සභාවේ පාලනය හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වනවිට සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 49 ක් හා රිපබ්ලිකන් පක්ෂයට ආසන 49 ක් වශයෙන් බෙදී ගොස් තිබේ. නෙවාඩා සහ ජෝර්ජියා ප්‍රාන්තවල පමණක් තවමත් ප්‍රතිඵල නිකුත් කර නොමැත. නෙවාඩා හි ඡන්දය ගණන් කිරීම මේ වනවිට සිදු කෙරේ. එය කරට කර සටනක් වී තිබේ. ජෝර්ජියා ප්‍රාන්තය කුමන පක්ෂයක් ජය ගනු ඇතිදැයි ලබන මාසයේ දෙවන වරටත් පැවැත්වෙන මැතිවරණයෙන් තීරණය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...