ලෝක දියවැඩියා දිනය අදයි

Share Button

ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබේ. 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ලෝක දියවැඩියා දිනය නිල එක්සත් ජාතීන්ගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

1922 දී චාල්ස් බෙස්ට් සමග එක්ව ඉන්සියුලින් සොයා ගත් ශ්‍රීමත් ෆෙඩ්‍රික් බැන්ටිංගේ උපන් දිනය වන නොවැම්බර් 14 වන දින එය වාර්ෂිකව සමරනු ලැබේ.

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන විශේෂ වැඩසටහනක් අද පෙරවරු 07.00 සිට 08.00 දක්වා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී ක්‍රියාවට නැංවෙයි. පෙරවරු 07.00 ට සුම්බා ව්‍යායාම වැඩසටහනක් සංස්ථාව ඉදිරිපිටදී පැවැත්වෙයි. දවස පුරා දියවැඩියා සායනයකි. නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සෞඛ්‍ය කඳවුරක් සහ විශේෂ අලෙවිසැලක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...