G-20 කණ්ඩායමේ රැස්වීම ඉන්දුනිීසියාවේදී අද ඇරඹෙයි

Share Button

ජී 20 රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ බාලි දුපතේ දි අද ඇරඹෙයි.

රුසියානු යුක්රේන යුද්ධය, ඇමරිකානු-චීන අර්බුදය, උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජන හා ගෝලීය උනුසුම ඉහල යාමේ අවදානම මෙවර සමුළුවේදී අවධානය යොමු කෙරෙන ප්‍රධාන කරුණු වෙයි.

1999 ආසියානු ආර්ථික අර්බුදයෙන් පසුව බිහිවු ජී 20 කණ්ඩායමට ලෝකයේ ආර්ථික බලවතුන් 19 දෙනෙකු හා යුරෝපා සංගමය අයත් වෙයි.

සමුලුවට සහභාගීවීම සදහා රාජ්‍ය නායකයෝ රැසක් මේ වනවිට ඉන්දුනිීසියාවට පැමිණ සිටිති.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ චීන ජනාධිපති ෂි ජින්පින් මහතා අතර හමුවක් ඊයේ එහිදී පැවැත්විනි. අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව බයිඩ්න් මහතා චීන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවු පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර අර්බුදයක් පවතින අවස්ථාවක සිදුවු මෙම හමුව කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුවිය. තායිවානය නායක දෙපල අතර පැවැති සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...