යුරියා පොහොර අද සිට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින්

Share Button

මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පුර්ණ යුරියා පොහොර ප්‍රමාණය අද සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කරන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි.

කොළඹ වරායට ඊයේ ළගාවු යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 22 දහසක් සහිත නෞකාවෙන් පොහොර ගොඩබෑම නිරීක්ෂණයට සහභාගි වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ ලංකා පොහොර සමාගමේ හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරු ද එම අවස්ථාවට එක්ව සිටියහ. යුරියා පොහොර මලුවලට පිරවීමේ දී නියමිත බර ඇත්දැයි අවධානය යොමු කරන්නැයි ඇමතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වු කෘෂිකර්ම ඇමතිවරයා මේ වනවිට පොහොර සමාගම් දෙකේ ගබඩා සියල්ල පිරී පවතින බව සඳහන් කළේය. තවත් පොහොර ගබඩා කිහිපයක් කුලී පදනම යටතේ ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට යුරියා පොහොර බෙදා හැරීම මේ වනවිට සිදු වෙයි. වී වගාවට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථානවලට සපයා අවසන්ය.

මේ මාසය තුල තවත් යුරියා පොහොර තොගයක් හා මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර තොගයක් ලැබීමට නියමිතයි. කාබනික පොහොර යොදන ගොවීන්ට රුපියල් 20 000ක සහනාධාරයක් සැපයීමට ජනාධිපතිතුමා එකගත්වය පළ කර තිබෙ.

මහ කන්නයේ දී අවශ්‍ය තරම් රසායනික පොහොර ලැබෙන බැවින් වගා කටයුතු සඳහා එක් වන්නැයි ඇමතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...