රුසියානු හමුදාවෙන් යුක්රේනයේ ඉලක්ක රැසකට මිසයිල ප්‍රහාර
රුසියානු හමුදා යුක්රේනයේ ඉලක්ක රැසකට මිසයිල ප්‍රහාර එල්ල කරයි.
ඉන්දුනීසියාවේ බාලි දුපතේ දැන් පැවැත්වෙන ජී 20 සමුඵවේදී යුක්රේනය සම්බන්ධයෙන් රුසියානු ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් විය. රුසියානු හමුදා යුක්රේනයට යලි මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ඉන් අනතුරුවයි. කියව් අගනුවර නිවාස සංකීර්ණ 2 කට ද මිසයිල ප්‍රහාර එල්ල වු බව එහි නගරාධිපතිවරයා පැවසීය.
ජී 20 සමුඵවට සහභාගි වී සිටින රාජ්‍ය නායකයන් බහුතරයක් යුක්රේන යුද්ධය තරයේ හෙලාදැක තිබෙ. ඔවුහු ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළහ.
සමුඵවට සහභාගි වී සිටින රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැව්රෝව් මහතා යුක්රේනය සාකච්ඡා සඳහා පිළිගත නොහැකි කොන්දේසි ඉදිරිපත් කරන බව පැවසීය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුඵවට සම්බන්ධ වු යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා යුද්ධය අවසන් කරන්නැයි රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.