මෙවර අයවැය සමාජ ආර්ථික දේශපාලන ක්‍ෂේත්‍ර ඒකාබද්ධ කරමින් සකස් කළ අයවැයක් බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

Share Button

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙයි. එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මෙවර අයවැය බරපතල ආර්ථික අර්බුදයක් හමුවේ ඉදිරිපත් කිරීමට සිදුවු බවයි. එහි බරපතල බව සියලුම මන්ත්‍රිවරුන් ගැඹුරින් අවබෝධ කරගත යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. සමාජ ආර්ථික දේශපාලන ක්‍ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ඉතිහාසයේ වැදගත් මාවතක් සකස් කිරීමට ඉදිරිපත් කළ අයවැයක් ලෙස හදුන්වාදිය හැකිය. සැලසුම් සහගත හා කළමනාකාරි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාම සදහා ජනාධිපතිවරයාට සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බව ගුණවර්ධන මහතා පැවසීය.

තේ වගාකරුවන් සදහා අවශ්‍ය පොහොර හා පලිබෝධ නාශක සැපයීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබේ. කුමන විවේචන එල්ලවුවද තේ ඵලදාවේ අඩුවේ නොමැති බව ඇමති රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහුමේ බව කීවේය. වැවිලි බෝග අපනයනයෙන් පසුගිය වසරේ ඩොලර් බිලියන 3 .8 ක ආදායමක් උපයා ඇතැයි ඇමතිවරයා කීවේය. ශ්‍රී ලංකාව එම කර්මාන්තයෙන් උපයාගත් ඉතිහාසයේ වැඩිම ආදායම එයයි. එම දත්ත ව්‍යාජ බවට කිසිවෙකු හෝ ඔප්පු කළහොත් තමා හෙට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහල නැංවීම සම්බන්ධයෙන් පැනනැගි ඇති ප්‍රායෝගික ගැටඵ හා දුෂ්කරතා අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවයට මදුර විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කෙරේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ඇතුළත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...