බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු වැඩසටහනක්

Share Button

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු‍ වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු වැඩසටහනක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ක්‍රියාවට නංවයි.

ප්‍රායෝගික පුහුණුව සඳහා වන තාවකාලික රියදුරු බලපත්‍රය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේදී ඊයේ නිකුත් කෙරිණි. පවත්වන ලද ලිඛිත පරීක්ෂණයට පුද්ගලයින් 76 දෙනෙකු පෙනී සිටි අතර ඒ අතරින් 44 දෙනෙකු සමත් විී ඇත. මාස තුනක ප්‍රායෝගික පුහුණුවකින් පසු ඔවුන්ට ස්ථිර බලපත්‍රය ලබා දීමට නියමිතය.

දිවයින පුරා සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් රරියදුරු බලපත්‍ර සඳහා ඉල්ලු‍ම් කර තිබේ.

ශ්‍රවණාබාධිත පුද්ගලයෝ වසර 30 ක පමණ කාලයක සිට සැහැල්ලු‍ වාහන රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලු‍ම් කරමින් සිටිති. විවිධ බාධා නිසා එම අවශ්‍යතාවය ඉටු වී නැතැයි අමාත්‍යවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...