උතුරු කොරියාවේ කෙටි දුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් අඛණ්ඩව
උතුරු කොරියාව අද අලුයම ජපාන මුහුද දෙසට කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් එල්ල කරයි. දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පැවසුවේ එම මිසයිලය කිලෝමීටර් 240 ක් පමණ පියාසර කිරිමක් සිදු වූ බවයි. මේ අතර උතුරු කොරියාව තුළ කොවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන බව විදෙස් මාධ්‍ය පවසයි. වෛද්‍ය පහසුකම් මෙන්ම ආහාර ඇතුලු මුලික අවශ්‍යතාව ද නොමැති විම නිසා එරට විශාල පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද වාර්තාවේ.