සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මේ වසරේ රුපියල් කෝටි 16500 ක ආදායම් ඉලක්කයක්

Share Button

පසුගිය වසරේ ලැබූ සුරාබදු ආදායමට සමාන මුදලක් මේ වසරේ මුල් මාස 11 තුළ රැස් කර ගැනිමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියයි. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, ඉන්ධන හිගය, රට අගුලු දැමීම, ආදි අභියෝගාත්මක තත්ත්ව රැසක් මැද එම ආදායම උපයා ගැනිමට හැකිවිම විශේෂත්වයක් බව ඔහු සදහන් කරයි.

පසුගිය වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව ලැබු ආදායම රුපියල් කෝටි 13 900 කි. මෙම වසරේ මුල් මාස 11 තුළ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනිමට හැකි වී ඇතැයි පවසන කොමසාරිස් ජනරාල්වරයා වසර අවසන් වනවිට රුපියල් කෝටි 16500 ක ආදායමක් උපයා ගැනිමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරය.

ආදායම ඉහළ නංවා ගැනිමට මේ වසරේ ජනවාරි මාසයේ ආරම්භ කළ දෙස් විදෙස් මත්පැන් සදහා ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙල ප්‍රබල හේතුවක් වූ බව ගුණසිරි මහතා පෙන්වා දෙයි. ආදායම් කාන්දුවීම වලක්වාගැනිමට එමගින් හැකිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...