යුක්රේනයට තවදුරටත් රුසියානු ප්‍රහාර

Share Button

යුක්රේනයට තවදුරටත් රුසියානු ප්‍රහාර එල්ල වෙයි. ඊයේ ප්‍රහාර එල්ල වු ස්ථාන අතර එරට විශාලතම නගරයක් වන දිනිප්‍රෝ නගරය ද වෙයි.

යුක්රේන අගමැතිවරයා පැවසුවේ එම නගරයේ පිහිටි මිසයිල නිෂ්පාදන කම්හලකට ප්‍රහාර එල්ල වු බවයි. තවත් නගරයක ගෑස් කම්හලකට ප්‍රහාරයක් එල්ල විය.

යුක්රේනයට මේ වනවිට හිමපතනය වෙමින් පවති. එහෙත් එහි ජනතාවගෙන් බහුතරයකට තම නිවෙස් උණුසුම් කර ගැනිමට හැකියාවක් නැත. විදලිබලය නොමැතිවීම ඊට හේතුවයි.

තම ප්‍රහාර සාධාරණීකරණය කරමින් රුසියාව පවසන්නේ යුක්රේනය සාකච්ඡා සදහා පසුබට වන බවයි. එහෙත් යුදබිමේදි රුසියාව ලද පසුබෑම මෙම ප්‍රහාර වලට හේතුව ලෙස සැලකේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...