සාංචි මහා බෝධි මහෝත්සවය ලබන 26 හා 27

Share Button

සාංචි මහා බෝධි මහෝත්සවය ලබන 26 හා 27 යන දෙදින ඉන්දියාවේ සාංචි චේතියගිරි මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

එවකට බෝපාල් පාලක නවාබ්තුමා පරිත්‍යාග කළ ඉඩමක ඉදි කළ මෙම විහාර ගර්භයේ තැන්පත් කර ඇති අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ වසරකට වරක් එම විහාර ගර්භයේ සිට විහාර මන්දිරයට වැඩම කර ජනතාවට වන්දනාමාන කිරිමට අවස්ථාව සලසා දිම මහා බෝධි මහෝත්සවයේ ප්‍රධාන කාර්යය බව විහාරාධිපති පුජ්‍ය භානගල උපතිස්ස ස්වාමින් වහන්සේ පැවසුහ.

70 වන වරටත් පැවැත්වෙන මෙවර සාංචි මහා බෝධි මහෝත්සවයේ ගෞරවනීය ආරාධිතයා ලෙස ඉන්දියාවේ ශ්‍රි ලංකා තානාපති මිලින්ද මොරගොඩ මහතා සහභාගී විමට නියමිතය. ශ්‍රි ලංකාව,වියට්නාමය,තායිලන්තය , සිංගප්පුරුව සහ ජපානය යන රටවල සැදැහැවතුන් මෙන්ම ආසියානු හා මාධ්‍ය සංස්කෘතික සංගමය නියෝජනය කරමින් මෙරට මාධ්‍යවේදින් හා කලාකරුවන් පිරිසක් ද මේ සදහා සහභාගී විමට නියමිතය.

ඉන්දියානු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රිමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා වර්ෂ 1851 දි සාංචි නටඹුන් සම්බන්ධව කළ ගවේෂණයක දි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහා රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සොයා ගනු ලැබිය.

සාංචි චේතියගිරි මහා විහාරය වර්ෂ 1952 දි ඉදිකෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...