කෝප්, කෝපා සහ රජයේ මුදල් පිළිබද කාරක සභාවට නව සාමාජික මන්ත්‍රිවරු පත් කෙරෙති

Share Button

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවට, රජයේ ගිණුම් පිලිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සහ රජයේ මුදල් පිළිබද කාරක සභාවට නව සාමාජික මන්ත්‍රිවරු පත් කෙරෙති.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සේවය කිරිම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දයාසිරි ජයසේකර හා සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු නම් කර තිබේ. රජයේ ගිණුම් කාරක සභාවේ සේවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණවිර සහ වේලු කුමාර් යන මහත්වරු පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාලක ගොඩහේවා සහ යු කේ සුමිත් උඩුකුඹුර යන මහත්වරු රජයේ මුදල් පිලිබද කාරක සභාවේ සේවය සදහා පත් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...