දෛනිකව ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන සැපයීමට ක්‍රියාමාර්ග

Share Button

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන දෛනිකව සැපයීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් ජේ කහවත්ත මහතා කියයි. ඔවුන්ට අවශ්‍ය භුමිතෙල් හා ඩීසල් කෝටා ක්‍රමයට නොව සම්පුර්ණ අවශ්‍යතාව සපුරාලන පරිදි නිකුත් කෙරේ.

ලෝක ධීවර දිනය නිමිත්තෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු එම කරුණු සඳහන් කළේය. භුමිතෙල් සම්බන්ධයෙන් ඇතැම් ස්ථානවල අඩුපාඩු පවතින්නේ ඒවා ඇනවුම් කිරීමේදී ඉන්ධනහල්වලින් වන අඩුපාඩු හේතුවෙන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මාධ්‍ය හමුවට එක්වු ධිීවර අමාතයංශයේ ලේකම් ආර් එම් අයි රත්නායක මහත්මිය පවසුවේ ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...