සංචාරකයන් 700 දෙනෙකු රැගත් වයිකින් මාර්ස් නෞකාව කොළඹ වරායට

Share Button

සංචාරකයන් 700 දෙනෙකු රැගත් වයිකින් මාර්ස් නෞකාව පසුගිය සිකුරාදා කොළඹ වරායට සේන්දු විය.

මගී නෞකාවක් කොළඹ වරායට පැමිණියේ වසර දෙකහමාරකට පසුවයි. නෞකාව පිළිගැනීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වා හා ඇමති හරීන් ප්‍රනාන්දු යන මහත්වරු වරායට පැමිණ සිටියහ.

ඉන්දියාවේ ගෝවේ සිට පැමිණි මෙම නෞකාව පැය 24 ක කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබිණි. එම කාලසීමාව තුල එහි පැමිණි සංචාරකයන්ට ස්ථාන කිහිපයක සංචාරය කිරීමේ අවස්ථාව උදා විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...