අධ්‍යාපනය සදහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 400 ක්

Share Button

ලබන වසරේදි ගුරු වැටුප් වැඩි කිරිමක් සිදු නොවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. වසර 25 ක කාලයක් පුරා නොවිසදුණු වැටුප් ගැටලුව සම්පුර්ණයෙන්ම විසදිමට මේ වසරේදි පියවර ගැණිනි. ඒ සදහා වෙන් කරන ලද මුදල රුපියල් බිලියන 32 කි. එය සිදුකරන ලද්දේද කොවිඩි වසංගත තත්ත්වය හමුවේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අලුතින් ගුරු වෘත්තියට එකතු වන පිරිසගේ වැටුප් වැඩිවී ඇති ලබන වසර සදහාද අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 400 ක් පමණ වෙන් කර තිබෙ. ඉන් සියයට 80 ක් පමණ වෙන්වන්නේ ගුරු වැටුප් හා වෙනත් දිමනා සදහාය.

පළාත් සභා යටතේ අධ්‍යාපනය වෙන් කෙරෙන මුදල් පළාත් අමාත්‍යංශය යටතේ වියදම් කෙරේ.

අර්බුදකාරී තත්ත්වය හමුවෙ පාසල් පැවැත්විය යුතු දින ගණනින් පවත්වා ඇත්තේ දින සියයට 50 ක් පමණ බවද අමාත්‍යවරයා කියයි. මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විභාග පවා කල් දැමිමට සිදු වුයේ සිසු දරුවන්ට සිදු වු බලපෑම නිසා බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...