දුම්රිය ධාවන කාලසටහන සම්පුර්ණයෙන් වෙනස් කිරිමට තීරණය කෙරේ.

Share Button

දුම්රිය ධාවන කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. ඒ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව දුම්රරිය සාමාන්‍යාධිකාරරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පවසයි’ දුම්රරිය මාර්ගය අබලන්වීම නිසා වේග සීමා පැනවීමට සිදුව ඇත. ඒ හේතුවෙන් සිදුවන දුම්රරිය ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කර මීට පෙර මුහුදුබඩ දුම්රරිය මාර්ගයේ කාලසටහන වෙනස් කෙරිණි. සෙසු මාර්ගවල ද ඒ ආකාරයෙන්ම වෙලාවේ වෙනසක් කරන බව ගුණසිංහ මහතා වැඩිදුරටත් පවසයි. දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මීට අදාළ වාර්තාවක් ලබන බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරරීමට නියමිත අතර අනතුරුව නව දුම්රරිය කාල සටහන ප්‍රකාශයට පත්කිරරීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...