බස් ගාස්තු ගෙවිම සදහා නව ඩිජිටල් ක්‍රමයක් ඉදිරියේදි

Share Button

බස් ගාස්තු ගෙවීම සඳහා නව ඩිජිටල් පසුම්බි ක්‍රමයක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. නව ක්‍රමයට අනුව බස් මගීන්ට තම ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවිය හැකි වේ බස් රථ ජී.පී.එස්. තාක්ෂණය සහිත නව ඉලෙක්ට්‍රොනික උපාංගවලින් සමන්විත වනු ඇත. ගෙවීම් කිරීම සඳහා මගීන් ඇතුඑ වන සහ පිටවන ස්ථානයේ අදාල උපාංග සවි කෙරේ. කාඩ්පත් නොමැති මගීන්ට බස් ගාස්තුව මුදලින් ගෙවිය හැකිය. නව ක්‍රමය පිළිබඳව තමන් මහ බැංකු අධිපතිවරයා දැනුවත් කළ බවත් ඒ සඳහා ඔහුගේ එකගතාව පළ වූ බවත් විජේරත්න මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...