ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේ ජය ඉක්වදෝරයට

Share Button

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී සත්කාරක කටාර් කණ්ඩායම පරාජය කරමින් ජය වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වෙයි. අල්-බයිට ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රීයේ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් වශයෙන් නිමාවට පත්විය. ගෝල දෙකම ලබාගන්නා ලද්දේ එනර් වැලෙන්සියා විසිනි.

ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ පළමු වරට තරගාවලියේ පළමු ගෝලය දඬුවම් පහරකින් වාර්තා වීම විශේෂයත්වයකි. වැලෙන්සියා විසින් තුන්වන විනාඩියේදී ගෝලයක් ලබා ගත් නමුත් වීඩියෝ සහකාර විනිසුරු ක්‍රමය භාවිතා කිරීමෙන් පසු එම ගෝලය අවලංගු කිරීමට තරග විනිසුරුවරයා පියවර ගත්තේය.

මෙම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 67372 කු පැමිණ සිටි බවද වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...