ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීන නිවේදකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු, නලුවෙකු හා පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඒ මහතා 95 වන වියේ පසුවිය.

දකුණු ආසියාවේ වොයිස් අමෙරිකා සේවය මගින් විකාශය කළ ප්‍රථම වරට මිනිසා හද මතට පා තැබීම පිළිබඳ විකාශයේ භාෂා පරිවර්තකයා වුයේ ද ඒ මහතාය. විනෝද සමය වැඩසටහන්වල නිර්මාතෘවරයා වුයේ ද ඔහුයි. ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ශිල්පි ත්‍රිත්වය සමග ඒ මහතා සම්පාදනය කළ විනෝද සමය අදට ද ඉතා ජනප්‍රිය වැඩසටහනකි.

ජාතික රූපවාහිනි සංස්ථාව, වෙරිටාස් ගුවන් විදුලිය යන මාධ්‍ය ආයතන සදහා ද ඔහු ලබාදුන් දායකත්වය සුවිශේෂිය. ලක්ෂයට කොඩිය, පරසතු මල්, සිරිපාල සහ රංමැණිකා, ලයට ලය යන සිනමා පට ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතාගේ රංගන කෞෂල්‍ය මැනවින් පිළිඹුබු කෙරෙනු චිත්‍රපට කිහිපයකි.

කන්දේ ගෙදර, අසල්වැසියෝ, චරිත 3 ක්, උතුරු සුළග, සපත්තුව, බෝනික්කෝ, සත්පුරවැසියෝ ඇතුලු තවත් ටෙලි නාට්‍ය ගණනාවකට ඒ මහතා රංගන දායකත්වය ලබාදුන්නේය. ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා කලා ලොවට පිවිසියේ කාලගෝල වේදකා නාට්‍යය හරහාය.

ඒ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු හෙට පස්වරු 3 ට මාකොළ රෝමානු කතෝලික පොදු සුසාන භුමියේ දි සිදුකෙරේ. දේහය මේ වන විට මාකොළ පිහිටි මල්ශාලාවක තැන්පත් කර ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...