යුක්රේනයට යුද ආධාර සැපයිම යුරෝපීය රටවල අයවැයට දැඩිව බලපා ඇතැයි බිල්ගේට්ස් පවසයි
යුක්‍රේනයට යුධ ආධාර සැපයීම යුරෝපීය රටවල අය-වැයට බරපතල ලෙස බලපා ඇතැයි ඇමරිකානු ව්‍යාපාරික බිල් ගේට්ස් පවසයි. මෙම තත්ත්වය අප්‍රිකානු රටවලට ලැබෙන ආධාර කෙරෙහි දැඩිව බලපා ඇති බව කෙන්යාවේ සංචාරයක නිරත ඔහු පෙන්වා දෙයි. යුක්‍රේන අර්බුදය යුරෝපයේ අය-වැය ක්ෂය කර ඇත. බොහෝ පුණ්‍යායතන සහ පදනම් යුක්‍රේනය වෙත අරමුදල් හරවා යැවීමට පටන් ගෙන ඇති බවද ඔහු කියයි. ඉදිරි වසර හතර තුළ අප්‍රිකාවට ඩොලර් බිලියන 7 ක ආධාර ලබා දීමට ද ඔහු පොරොන්දු වෙයි. කුසගින්න, රෝග, දරරිද්‍රතාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවට එරෙහි ව්‍යාපෘති සඳහා මෙම මුදල් යොමු කෙරේ.