බාලදක්‍ෂ ව්‍යාපාරය පළාත් 9 ටම ව්‍යප්ත කිරීමට සහාය දෙන බව ජනපති කියයි.

Share Button

2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එහි සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වැඩි කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ සහාය ලබා ගන්නා බව ජනාධිපතිතුමා පැවසුවෙි මෙරට ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධුරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...