අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

Share Button

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්වෙයි. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට ආරම්භවීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 14 වැනිදා ලබන වසර සදහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අයවැයට විරුද්ධව අද ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබෙ. ඊයේ රැස් වු එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඒ පිළිබඳව ඒකමතික තීිරණයකට එළඹි බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ශාන් විජේලාල් ද සිල්වා මහතා අප කළ විමසුමකදී පැවසීය. මෙවර අයවැයෙන් අඩු ආදායම් ලාභීින්ට සහන ලැබිී නොතිබීම සහ ලාභ ලබන ආයතන ප්‍රතීව්‍යුහගත කිරීමට එමගින් ගෙන ඇති තීරණය හේතුවෙන් අයවැයට විරුද්ධව ඡන්දය දෙන බව ඔහු සදහන් කළේය.

මේ අතර සමගි ජන බලවේගයද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙ දී එම තීරණය ගත් බව පාර්ලිමෙන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමී මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...