රට ගොඩනැගීමට සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බව සමගි ජන බලවේගය කියයි

Share Button

ආර්ථිකය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන වගකීමක් බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරමින් සභාපතිවරයා මේ බව කීවේය. ප්‍රථම වතාවට මුදල් කාරක සභාවට තාක්ෂණික කාර්ය මණ්ඩලයක් පත් කර ඇත. එමෙන්ම මුදල් කාරක සභා වාර්තාව ප්‍රථම වතාවට බාහිර පාර්ශ්වයකට නොදී එම කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කෙරේ. ඉදිරියේදී අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට ද අපේක්ෂිතය. ජුනි මාසය දක්වා විදේශ ණය ගෙවීම නවතා ඇති අතර ජුලි මාසයේ සිට දෙසැම්බර් වනතෙක් එම ණයවලින් සියයට 50 ක කොටසක් ගෙවන බවද හෙතෙම කීවේය. දේශීය පොලිී අනුපාත ඉහල යාමෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අපහසු වී ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...