ලංකා හොස්පිටල්ස් අයි. වී. එෆ්. (IVF) දරු උපත් 1500 කඩඉම සාර්ථකව පසු කරයි
දේශීය ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් සිය රෝහල තුළ සිදු වූ 1500 වැනි IVF දරු උපත පසුගියදා සැමරීය. ලංකා හොස්පිටල්ස් රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානය විසින් පසුගියදා රෝහලේදී පැවත්වුණු විශේෂ උත්සවයකදී මෙම නිවේදනය සිදු කෙරිණි.
දැනට වසර 20 ක කාලයක් පුරා ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා ප්‍රතිකාරය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් දරුවන් අපේක්ෂාවෙන් පසුවන සිය ගණනක් පවුල්වල අපේක්ෂාවන් මුදුන් පමුණුවාලීමට ලංකා හොස්පිටල්ස් රෝහලට හැකිවූ බව එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාව ලංකා හොස්පිටල්ස් මෙහෙවරේ වැදගත් සන්ධිස්ථානයක් බවත් ඊට හේතු සාධක වුණු සිය කාර්ය මණ්ඩලයේ කැපවීම සහ අති නවීන පරීක්ෂණාගාර සහ තාක්ෂණය මෙහිදී ලොකුආරච්චි මහතා සිහිපත් කළේය.
මෙහිදී අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න මහතා, වෙනත් ක්‍රමවේද හරහා සාර්ථකව පිළිසිඳ ගැනීමට නොහැකි වූ යුවළවලට තිබෙන හොඳම විසඳුම අයි.වී.එෆ්. හෝ ඉක්සි ක්‍රමයන් හරහා ඒ සඳහා උත්සාහ කිරීම බව පෙන්වා දුන්නේය. අනෙකුත් ක්‍රමවේදවලට සාපේක්ෂව මේ හරහා සාර්ථක වීමට ඇති අවස්ථාව ඉතා ඉහළ බවත් එයින් ලැබෙන ප්‍රතිලාභ අති විශාල බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.
අයි. වී. එෆ්. (IVF) නමින් හැඳින්වෙන කෘතිම සංසේචනයෙන් මඳසරු බව නිසා දරු සම්පත් ලැබීමට අපහසු විවාහක යුවල වෙනුවෙන් භාවිතා කෙරෙන සාර්ථක ක්‍රමවේදයකි. මේ යටතේ කාන්තාවගේ ඩිම්බ කෝෂ වලින් ලබාගන්නා ඩිම්බ පුරුෂ ශූක්‍රාණුවක් සමඟ විද්‍යාගාරයක් තුළ කෘතීවම සංසේචනය කර කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කරනු ලබයි. ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා සායනය මඳසරු බව වෙනුවෙන් කරන ප්‍රතිකාරයන් සඳහා ශ්‍රී ලංකාවේ පුරෝගාමී මධ්‍යස්ථානයකි.