ධිවර ප්‍රජාවට භූමිතෙල් බෙදා හැරිම අඛණ්ඩව

Share Button

ධිවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදා හැරිම විධිමත්ව හා අඛණ්ඩව සිදු කිරිමට රජය පියවර ගෙන තිබෙ. ඒ අනුව ධිවරයින්ගේ භූමිතෙල් අවශ්‍යතාව වෙනුවෙන් දිනකට ඉන්ධන බවුසර් 50 ක් බැගින් නිකුත් කෙරේ. ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කිර්ති තෙන්නකෝන් මහතා මේ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් ධිවර අමාත්‍යංශ ලේකම්වරුන්. සහ පළාත් සමුපකාර අමාත්‍ය ලේකම්වරුන් දැනුවත් කර ඇත. ධිවරයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් පසුගිය සතියේ භූමිතෙල් බවුසර් 357 ක් නිකුත් කිරිමට ඛනිජතෙල් සංස්ථාව අනුමැතිය ලබාදි තිබිණි.නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර් 206 ක් පමණි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම රජයේ ප්‍රමුඛ වගකිමකි. ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් අපේකෂා කෙරේ. ධිවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරිමේ වගකිම ධිවර අමාත්‍යංශය. ධීවර දෙපාර්තමේන්තුව හා ඛණිජතෙල් සංස්ථාව වෙත පවරා තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...