අනුරාධපුර වනජීවි කලාපයේ අලිමිනිස් ගැටුම උග්‍ර අතට

Share Button

අනුරාධපුර වනජීවි කලාපයේ අලිමිනිස් ගැටුම උග්‍ර අතට හැරී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලසීමාවේ පමණක් අලින් පහර දීම නිසා අනුරාධපුර වනජීවි කලාපයේ දී පුද්ගලයින් 33 දෙනෙකු ජිීවිතක්ෂයට පත් වී තිබේ. බරපතල තුවාල ලැබීමේ සිදුවීම් රැසක් ද වාර්තා විය. වනඅලින්ගෙන් වන අනතුරු මෙන්ම වනසතුන් විසින් සිදු කළ වගා හා දේපල හානි කිරීම් රැසක් වෙනුවෙන් ද වන්දි මුදල් ගෙවීමට පියවර ගෙන ඇතැයි අනුරාධපුර ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය. පසුගිය මාස 10 ක කාලයේ දී අනුරාධපුර වනජීවි කලාපයේ මියගිය වනඅලින් ගණන 70 කි. අලි මිනිස් ගැටුම නිසා මියගිය පුද්ගලයින් හා ආබාධිත වුවන් සඳහා වන්දි ගෙවීමේ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ. ඉකුත් කාලසීමාවේ පුද්ගල මරණ හා තුවාල කිරීම් වගා හානි හා දේපල හානි වෙනුවෙන් රුපියල් පන්කෝටි 61 ලක්ෂ 81 දහස් 325 ක මුදලක් ගෙවිමට වන්දි කමිටුව මගින් තක්සේරු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...