සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට

Share Button

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චමින්ද රෝහණ මංජු නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ග්‍රූන්ඩ්පාස් ප්‍රදේශයේ දී තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වෙයි. 25 හැවිරිදි එම සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ග්‍රූන්ඩ්පාස් පොලිසිය වෙත භාරදී ඇත.
රුපියල් ලක්ෂ 4 කට අධික වටිනාකමක් සහිත කේරල ගංජා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කටාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ද පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වෙයි. එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටාන පොලිසිය වෙත භාරදී ඇත.
පෞරාණික වස්තුන් සෙවීමේ අදහසින් පදවිය වැව් බැම්ම පාමුල විනාශ කරමින් කැනීම් සිදු කළ පුද්ගලයින් සිව් දෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් පදවිය පොලිසිය වෙත භාරදී ඇත. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මෙම වැටලිම් සිදු කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...