අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් සම්මතයි

Share Button

අයවැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡා පාර්ලිමේන්තුවේ දී අද ආරම්භ වෙයි. ජනාධිපති අගමැති කාර්යාලය උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇමති මණ්ඩල කාර්යාලය ඇතුඵ වැය ශීර්ෂ 25 ක් පිළිබඳ විවාදය අද පැවැත්වෙයි.

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් ඊයේ සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 121 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 84 ක් පමණි. ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමාන් එම් රාමේෂ්වරන් සහ ශ්‍රිී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ආණ්ඩු පක්ෂය සමග එක්ව අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ආණ්ඩුවේ සිට ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගත් ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න හා ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අය අතර වුහ.

සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය ශ්‍රිී ලංකා නිදහස් පක්ෂය උත්තර සභාගය නිදහසේ ජාතික සභාව හා ආණ්ඩුවේ සිට ස්වාධීන වු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රි සී වී විග්නේෂ්වරන් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය. මන්ත්‍රීවරු 18 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙහි නොසිටියහ.

ලබන වසර සඳහා වන අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වුයේ පසුගිය 15 වැනිදායි. කාරක සභා අවස්ථා සාකච්ඡාවේ ඡන්ද විමසීම් ලබන මස 8 වැනිදා පස්වරු 7.00 ට පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...