ඉන්දුනීසියාවේ භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලට

Share Button

ඉන්දුනීසියාවේ ජාවා දුපතේ සිදුවු භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යයි. මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 268 කි. ඉන් බහුතරය කුඩා දරුවෝ වෙති. දහසකට අධික පිරිසක් තුවාල ලැබුහ.

ඉන්දුනීසියානු ජාතික ආපදා ඒජන්සිය පැවසුවේ 151 දෙනෙකු පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නැති බවයි. භුමිකම්පාවෙන් නිවාස 22 දහසකට හානි සිදු විය. අවතැන්ව පසුවන සංඛ්‍යාව 58000 ඉක්මවයි.

පසුගිය සඳුදා සිදුවු මෙම භුමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක් ලෙස සටහන් වී තිබිණි. භුම් කම්පාව සමග හට ගත් නාය යාම් හේතුවෙන් ගම්මාන කිහිපයක් මුළුමනින්ම මිහිදන් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...