එල්ටීටීඊ හා පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ රැඳවුවන් පිළිබඳ විමර්ශන කඩිනමින්

Share Button

එල්ටීටීඊ සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදනා යටතේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ සහ රඳවා ගැනීමේ නියෝග මත රඳවා ඇති පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණය හමුවේ චෝදනා ගොනු කළ හැකි පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත් පුනරුත්ථාපනය කළ යුතු අය පුනරුත්ථාපනය කිරීමටත් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි පුද්ගලයන් නිදහස් කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයට හා අධිකරණ අමාත්‍යංශයට උපදෙස් දී තිබෙ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා අලි සබ්‍රි යන මහත්වරු අධිකරණ අමාත්‍යංශ නිලධාරීන් සමග පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. අදාල තීරණයට එළැඹ ඇත්තේ එම සාකච්ඡාවේදීය.

අදාල චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් නීතිපති උපදෙස් ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එම සාකච්ඡාවේදි අධිකරණ අමාත්‍යංශ නිලධාරීන් උපදෙස් දෙනු ලැබීය. චෝදනා ලැබුවන් සම්බන්ධයෙන් ලබන වසරට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජයේ අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...