පක්ෂ – විපක්ෂ සියලුදෙනා එක්ව රටේ ගැටලු විසදීමට සහය වන්නැයි ජනපතිගෙන් ආරාධනා

Share Button

පක්ෂ හා විපක්ෂ සියලුදෙනා එක්ව පවතින ගැටලු විසදීමට සහය වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආරක්ෂක අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ වගකීම රාජ්‍යය ආරක්ෂා කිරිමයි. අද පාර්ලිමේන්තුවේ දි පැවැති ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබද විවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කිවේය.
මහා නායක ස්වාමින් වහන්සේගේ ඉල්ලිම පරිදි තමා ජනාධිපති ධුරයට පත්වු බව වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය අරගල සමයේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් හමුදාවට ඔහු ස්තුතිය පළ කළේය. ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ හමුදාවේි අනාගතය ගැන රජය වගකිව යුතු බවයි. ඉදිරියේ දි ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙල සදහා යුදහමුදාව යොදා ගැනිමට බලාපොරොත්තු වේ.
මානව හිමිකම්වලට මුවා වී ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය ආරක්ෂා කිරිමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. රට ව්‍යාකුල කිරිමට කිසිවෙකුට ඉඩ දිමට නොහැකිය.. සෑම අයෙකුම නීතිගරුකව ක්‍රියා කළ යුතුය. අරගලයට සම්බන්ධ කිසිදු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව හෙතෙම පැවසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා මේ වන විට විශ්ව විද්‍යාලයෙන් පිටවී අවුරුදු 8 ක් පමණ වුවත් ඔහු තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස පෙනී සිටියි. තමන් අවුරුදු 21 වන විට විශ්ව විද්‍යාලයෙන් පිටවු බවත් කවුරුන් පාරේ විරෝධතා පළ කළ ද පාර්ලිමේන්තුව විසුරුවන්නේ නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...