යුද්ධයක් නොමැති වුවද ආරක්ෂක වියදම් අඩු කළ නොහැකි යැයි ෆිල්ඩ් මාෂල්වරයාගෙන් ප්‍රකාශයක්

Share Button

යුද්ධයක් නොමැති වුව ද ආරක්ෂක වියදම් අඩු කළ නොහැකි බව විවාදයට එක් වු ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කිවේය. ආරක්ෂක හමුදා නිරන්තරයෙන් සුදානම්ව සිටිය යුතුය. රටේ ස්වෛරීභාවය සහ ජනතාව ආරක්ෂා කිරිම ආරක්ෂක අංශවල වගකීම වේ. එමෙන්ම රණවිරුවන් රට වෙනුවෙන් කළ කැපවීම අමතක කළ නොහැකි බව ද ෆිල්ඩ් මාෂල්වරයා ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ පොලිස් පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව විවාදයට එක්වු පාර්ලිමේින්තු මන්ත්‍රි තලතා අතුකෝරල මහත්මිය පැවසීය. වසන්ත මුදලිගේ මහතා සහ සිරිධම්ම හිමියන් ත්‍රස්වාදීන් නොවන නිසා ඔවුන්ට ත්‍රස්වාදය වැලැක්විමේ පනත යටතේ දඩුවම්ි කිරිම සුදුසු නැතැයි ඇය කිවාය. මෙරට සක්‍රිය පොලිස් සේවයක් ඇති කළ යුතු බව අතුකෝරල මහත්මිය සදහන් කළාය.

ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කර ඇති වැය ශිර්ෂය ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බි දිසානායක මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයේ දි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේ හමුදාව සහ පොලිසිය ශක්තිමත් කළ යුතු බවයි. රටේ නීතිය සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට වත්මන් රජය පියවර ගන්නා බව ද ඔහු කිවේය.
ආරක්ෂක අංශවලට මෙවර අයවැයෙන් අධික මුදලක් වෙන් කර ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මෙවර වෙන් කර ඇති මුදලින් බිලියන සියයක් අධ්‍යාපනය සදහා යොමු කරන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. විද්‍යාපීඨ ශිෂ්‍යයෙකුට දිනකට ආහාර සදහා වෙන් කර ඇති මුදල තවදුරටත් ඉහළ නැංවිය යුතුය. කළ යුත්තේ ආරක්ෂක අංශ වෙනුවෙන් විශාල ලෙස මුදල් වෙන් කිරිම නොව ආරක්ෂක අංශ පුර්ණ ප්‍රතිසංවිධානයක් කිරිම බව හෙතෙම පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...