සතිමත් බව සමස්ථ පාසල් පද්ධතියෙන් දීපව්‍යාපත්ව ක්‍රියාවට නැංවෙයි
සතිමත් බව සමස්ථ පාසල් පද්ධතිය තුළම දීපව්‍යාපත්ව ක්‍රියාවට නැංවෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති ආගම් බේදයකින් තොරව සතිමත් බව ගුණාංගයක් ලෙස පුහුණු කිරිම සදහා ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් මෙහෙයවීමට අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් දී ඇත. පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ වසර ගණනාවක සිට අඛණ්ඩව සති පාසල වැඩසටහන පවත්වති. මෙම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යංශ මට්ටමින් ඒ සදහා උපරිම සහයෝගය ලබාදෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය. සර්ව ආගමික නියෝජනයක් සහිත කමිටුවක් මගින් සියලුදෙනාටම ප්‍රයෝජනවත් වන ලෙස මෙම වැඩසටහන වඩාත් පුලුල් පරාසයක ක්‍රියාවට නැංවීමේ කාලීන වැදගත්කම ද ප්‍රේමයන්ත මහතා පෙන්වා දුන්නේය. පාසල්වල දෛනිකව සතිමත් බව ප්‍රායෝගිකව පුහුණුවීමට කාලය ලබාදෙයි. අත්හදා බලා සෑම භාෂා මාධ්‍යයකින්ම න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ඔස්සේ සමස්ත පාසල් පද්ධතිය තුලම සතිමත් බව පිළිබද වැඩසටහන් පැවැත්වීමට මෙහිදි අමාත්‍යවරයා යෝජනා කළේය.