ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදුන්න ද නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර රිය අනතුරු 5 ක් සිදුකරගතහොත් අදාළ රියදුරු බලපත්‍රය අහෝසි කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසයි. මෙම ප්‍රජාව වසර ගණනාවක සිට කළ ඉල්ලීම් සලකා බලා රජය ඔවුන්ට රියදුරු බලපත්‍ර ලබාගැනිමට අවස්ථාව සලසා තිබේ. මෙම රියදුරු බලපත්‍ර ලබාගත් පුද්ගලයින් නිසි ආකාරව රිය ධාවනය කරන්නේ නම් මෙතෙක් වසරක කාලයකට සීමා කර ලබා දී තිබෙන රියදුරු බලපත්‍රය ඉදිරියේ දි ස්ථිර රියදුරු බලපත්‍රයක් ලෙස පිරිනැමීමට පියවර ගැනේ.
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදි ඇත්තේ සැහැල්ලු වාහන සදහා පමණි. ඔවුන් මේ සම්බන්ධව තමන් පදවන වාහනයට අනුව සංකේතාත්මක ස්ටිකර හා බෝඩ් අදාළ වාහනයේ ඉදිරිපස හා පිටුපස ප්‍රදර්ශනය කළ යුතුය. ශ්‍රවණාබාධිත ප්‍රජාව සමාජයෙන් කොන් නොකර ඔවුන්ට රිය පැදවීමට අනුමැතිය ලබාදුන්න ද ඔවුන් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන්නැයි සියලුම රියදුරන්ගෙන් කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කරයි.