ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂය සංශෝධන සහිතව වැඩි ඡන්ද 81 කින් සම්මතයි
ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂය සංශෝධන සහිතව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදි ඊයේ පස්වරුවේ සම්මත විය. ඊට අදාල ඡන්ද විමසිමේදි පක්ෂව ඡන්ද 91 ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 10 පමණීි. කාරක සභා අවස්ථාවේ තෙවන දිනය අදයි. විදුලිබල හා බලශක්ති සහ ජලසම්පාදන යන අමාත්‍යංශවලට අදාළ වැය ශිර්ෂ එහිදි විවාදයට ගැනේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට යළි රැස්වේ.