ඩෙංගු රෝගින්ගේ වාර්තා විම ඉහළට

Share Button

ඩෙංගු රෝගින්ගේ වාර්තා විම සියයට 24 යි දශම 8 කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දෙයි. වසර ආරම්භයේ සිට මේ දක්වා දීප ව්‍යාප්තව ඩෙංගු ආසාදිතයින් 65 දහස් 916 දෙනෙකු වාර්තා වී ඇත. පසුගිය වසරට සාපේක්ෂව ආසාදිතයින් වාර්තා වීම තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙ.් කොළඹ, ගම්පහ, කඵතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙයි. කෙසේවෙතත් ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 35 ක් පවති. කිසියම් පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් හෝ ඩෙංගු බවට සැක කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...