විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වන කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Share Button

2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 2021 / 2022 අධ්‍යයන වර්ෂයට අදාලව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු ඊයේ නිකුත් කෙරින. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවිය මගින් ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තොරතුරු මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 දුරකථන අංකය වෙත ජංගම දුරකථන කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් එම ලකුණු දැනගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි.

කඩඉම් ලකුණු අනුව තමන් තේරි ඇති පාඨමාලාව පිළිබඳව කිසියම් ශිෂ්‍යයෙකුට ගැටඵවක් ඇත්තම් ඒ සදහා අභියාචනා ඉදිරිපත් කිරීමට ඊයේ සිට දින 30 ක කාලයක් දී ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පිළිබඳ නියෝජ්‍ය ලේකම් ශාලිකා ආරියරත්න මහත්මිය පැවසුවාය. විශ්ව විද්‍යාල ප්‍රවේශපත් අයදුම්පත ඇතුළත් අත්පොතේ අභියාචනා ඉදිරිපත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති උපදෙස් අනුව අදාල අයදුම්පත සකස්කර දින 30 ක් තුළ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තැපෑලෙන් යොමු කළ යුතුය. නියමිත කාලයෙන් පසුව ලැබෙන ආයාචනා සලකා නොබැලෙන බව ආරියරත්න මහත්මිය සදහන් කළාය. තමන් තේරී ඇති පාඨමාලා වෙනස් කර ගැනීමට අදාල අභියාචනා අන්තර්ජාලය ඔස්සේ පමණක් යොමු කළ යුතුය. නියමිත කාලසීමාවෙන් පසු ලිපි මගින් හෝ විද්‍යුත් තැපෑලෙන් එවන පණිවිඩ භාර නොගැනේ. විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු නිකුත්කර සති දෙකක් තුළ තමන් තේරි ඇති පාඨමාලා සදහා ලියාපදිංචිවීම සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ජංගම දුරකථන කෙටි පණිවිඩයක් සහ විද්‍යුත් තැපැල් පණිවිඩයක් අදාල සිසුන් වෙත යොමු කරන බව ශාලිකා ආරියරත්න මහත්මිය සදහන් කළාය. විශ්ව විද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අනුව ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ 09 දහස් 749 දෙනෙක් භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ 08 දහස් 20 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා තෝරා ගෙන තිබේ.

වාණිජ විෂය ධාරාව යටතේ තෝරාගෙන ඇති සංඛ්‍යාව 07 දහස් 701 කි. කලා විෂය ධාරාව යටතේ 11 දහස් 314 දෙනෙක් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 02 දහස් 236 දෙනෙක් ද ඩ්€ු ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 1543 දෙනෙක් ද තෝරා ගෙන තිබේ. වෙනත් විෂය ධාරා යටතේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් ලබා ඇති සංඛ්‍යාව 665 කි. එම සිසුන් අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමික්ෂණයට පෙර තෝරාගත් අය වන අතර එම සංඛ්‍යාව 41 දහස් 228 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...