ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද
හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය අදයි. දඹුල්ල හා යාපනය කණ්ඩායම් අතර තරගය අද පස්වරු 3 ට ඇරඹේ. ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය ආරම්භ වන්නේ රාත්‍රි 7 30 ටයි. ඊයේ පැවැති තරග 2 ජය ගත්තේ යාපනය කණ්ඩායම හා මහනුවර කණ්ඩායමයි.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් දාසයේ වටයේ තරග ඊයේ නිමාවට පත්විය. එහිදි ජපානය සහ ක්‍රොඒෂියාව අතර තරගය ගෝල එකට එකක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය. බ්‍රසිලය සහ දකුණු කොරියාව අතර තරගය ගෝල 4 ට එකක් ලෙස බ්‍රසිලය ජය ගත්තේය. මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර තරගයේදි කිසිදු කණ්ඩායමට ගෝල වාර්තා කිරිමට නොහැකි විය. පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 6 ය එකක් ලෙස පෘතුගාලය ජයග්‍රහනය කලේය. ඒ අනුව ලබන සිකුරාදා ආරම්භ වන අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබිමට ක්‍රොඒෂියාව බ්‍රසීලය සහ පෘතුගාලය සමත්විය. මෙම වටය සදහා දැනටමත් නෙදර්ලන්තය ආජන්ටිනාව මොරොක්කෝව එංගලන්තය සහ ප්‍රංශය සුදුසුකම් ලබයි.