අයවැය ඡන්ද විමසීම අද පස්වරුවේ

Share Button

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය අදයි. එම විවාදය පාර්ලිමේන්තුවේ දී දැන් පැවැත්වෙ. අද පස්වරු 6.00 ට 3 වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනේ. විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රජය නිවැරදි ආර්ථික මාර්ගයකට පිවිසෙමින් සිටින බවයි. වර්තමානයේ තෙල් සහ ගෑස් හිගය අවම වී ඇත. විදුලි කප්පාදුව ද අඩු කර තිබේ. එහෙත් විපක්ෂය මෙම අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත් නොවු බව ඔහු කීවේය. විපක්ෂය හා මාධ්‍යයේ වගකීම වනුයේ රටට නිවැරදි තොරතුරු ලබාදීම බව ද හෙතෙම පැවසීය.

විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළ ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවලින් ඉටු කළ හැකි කරුණු සඳහා පමණක් එකග විය යුතු බවයි. මිල සුත්‍රයක් ඇති කර දුම්කොල බදු වැඩි කළ යුතුය. ඇමතිවරු ගණන වැඩි කර ආර්ථිකය වර්ධනය කර ගත නොහැක. ඉදිරිපත් කර ඇත්තේ අසමත් අයවැයක් බවද ඔහු කීවේය.

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සෘජු ආයෝජන ආකර්ශනය කර ගැනීම මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතු බව විවාදයට එක්වු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීවේය. වරාය නගරයේ වැඩ ආරම්භ කර තිබේ. විදේශ අමාත්‍යංශය සමග එක්වී ආයෝජකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අවස්ථා 2 කදී විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් යෝජනාව වහාම අත්හිටුවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි රජයෙන් ඉල්ලීමක් කළේය. ආර්ථිකය යලි යථා තත්ත්වයට පත් කළ යුතුය. ජනතාව බදු බරින් පීඩා විඳිති. ආර්ථික දුෂ්කරතා නිසා ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති. එනිසා මෙ පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

ජල හා සුළං බලාගාර පෞද්ගලිකරණය නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විදුලිබල මණ්ඩලය අඛන්ඩව පවත්වාගෙන යාමට සහ විදුලි සැපයුම අඛන්ඩව සිදු කිරීමට රජය ගෙන ආ සැලසුම්වාසි පිණිස අසත්‍ය පුවත් නිර්මාණය නොකරන්නැයි හෙතෙම මෙහිදී ඉල්ලීමක් ද කළේය.

විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය ආයතන 18 කට වෙන් කර ඇති බවයි. එමගින් ගැටඵ. රැසක් පැන නගින බවද හෙතෙම පෙන්වා දුන්නේය. ජල විදුලිය නිෂ්පාදනයේදිී ගැටඵ. ඇතැයි ද රණවක මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...