ගල් අගුරු නැව් 7 ක් දිවයිනට

Share Button

ගල් අගුරු රැගත් නැව් 7 ක් දිවයිනට ලගාවෙමින් පවතින බව ගල් අගුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමණසේකර මහතා කියයි. පළමු නැව අද මෙරටට ලගාවෙයි. තවත් නැවක් හෙට මෙරටට පැමිණෙන අතර අනෙක් නැව් 5 ලබන 13. 20. 23. 27 සහ 31 යන දිනවල පැමිණීමට නියමිතයි. එම ගල් අගුරු නැව් පුත්තලම වරායේ ගොඩබෑමට නියමිතව ඇති අතර අනතුරුව ඒවා නොරොච්චෝලේ විදුලි බලාගාරය වෙත ප්‍රවාහනය කෙරේ. නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අගුරු හිගයකින් තොරව සැපයිය හැකි බවත් ඒ අනුව එම බලාගාරයෙන් අඛණ්ඩ විදුලි සැපයීමකට කිසිදු බාධාවක් නැති බවත් සභාපතිවරයා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...