පැවති රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බ්‍රසිල අධිකරණයෙන් නියෝග

Share Button

බ්‍රසිලයේ පැවති රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය නියෝග කරයි. ඒ අනුව හිටපු මහජන ආරක්ෂක ප්‍රධානියා හා යුද හමුදා පොලිසියේ හිටපු ප්‍රධානියා දැනටමත් අත්අඩංගුවට ගෙන තිබේ. බ්‍රසිලියා අගනුවර පසුගිය ඉරිදා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 1500 ක පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර බ්‍රසිලයේ හිටපු ජනාධිපති ජෙයිරීන් බොල්සොනාරෝ මහතාගේ ආධාරකරුවන් පාර්ලිමේන්තුව ජනාධිපති මන්දිරය හා ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදි රජයේ දේපළ විනාශ කිරීමට විරෝධය පළ කරමින් වත්මන් ජනාධිපති ලුලා ද සිල්වා මහතාගේ ආධාරකරුවෝ විදී බැස විරෝධය පළ කරති. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නැයි ඔව්හු රජයට බලකර සිටිති. ආරක්ෂක අංශ අගනුවර සාමය ස්ථාපිත කිරීමෙන් පසු ජනාධිපති ලුලා මහතා විනාශවු රජයේ ගොඩනැගිලි නිරීක්ෂණය කළේය. එහිදී ඔහු සදහන් කළේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...