ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ජය ඉන්දීයාවට
ශ්‍රී ලංකා ඉන්දීය දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක ජයක් අත්කර ගනී. කොල්කටා හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 215 ක් පමණී. නුවනිදු ප්‍රනාන්දු අර්ධ ශතකයක් වාර්තා කළේය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 219 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය. කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 64 යි. ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙලුහ. කුල්දිප් යාදව් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. තරග දෙකට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියේ ඉදිරියෙන් සිටී.