සීතාවක ඔඩෙසි සංචාරක සතිඅන්ත දුම්රියේ මංගල ගමන අද

Share Button

කැළණිවැලි මාර්ගයේ සතිඅන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් අද ඇරඹෙයි. කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ගන්නා එම දුම්රිය සීතාවක ඔඩේසි යනුවෙන් නම්කර තිබේ. සීතාවක ප්‍රදේශයේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය ඉලක්ක කර මෙම දුම්රිය සේවය ආරම්භ කෙරේ.කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පෙරවරුවේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුව සීතාවක ඔඩේසි දුම්රියේ මංගල ගමන ඇරඹෙයි. සෑම ඉරිදාවකම උදෑසන 7.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම දුම්රිය ගමන් ආරම්භ කරයි. දුම්රිය ගමනාන්තයේදී ඒකාබද්ධ බස්රථ සේවා මගින් දෙස් විදෙස් සංචාරකයන්ට සීතාවක ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණීය ස්ථාන නැරඹීමට පහසුකම් සලසා තිබේ.ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් හා මෙහෙයවීම මත මෙම නවතම දුම්රිය සේවය ආරම්භ කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාම සුන්දර පරිසර පද්ධතිය වන්නේ කැළණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව ඓතිහාසික වැදගත්කමකින් යුතුව පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන රැසක් එහි පවති. සීතාවක හා අවිස්සාවේල්ල නවතම සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම අරමුණ බව ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...