බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

රුක්මනී දේවියගේ ඡන්ම ශත සංවත්සරය අද

Share Button

සිංහල සිනමාවේ පලමු රංගන ශිල්පිනිය මෙන්ම ගායිකාව ද වු රුක්මනී දේවියගේ ඡන්ම ශත සංවත්සරය අදට යෙදි තිබේ. 1923 ජනවාරි 15 වැනිදා නුවරඑලිය රම්බඩදී ඇය උපත ලැබුවාය. 1931 දී එච.ඩබ්ලිව්.රූපසිංහ මාස්ටර් සමග ගායනා කළ සිරිබුද්ධගයා විහාරේ ගීතය ඇයගේ පලමු ග්‍රුමෆෝන් ගීතයයි. ප්‍රථම සිංහල කථනාද චිත්‍රපටය වන කඩවුනු පොරොන්දුවේ ප්‍රධාන නිලිය ඇය වුවාය.ඇය චිත්‍රපටඩ්€ වේදිකා නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය සපයා තිබේ.ඇය ගායනාකර ඇති ගීත සංඛ්‍යාව ද ඉමහත්ය. රුක්මනී දේවි ඡන්ම ශත සංවත්සරය නිමිත්තෙන් කලා සංවිධාන දිවයිනපුරා අද විවිධ වැඩසටහන් සංවිධාන කර තිබේ. ප්‍රධාන සැමරුම් උත්තවය කොළඹ මරදාන ටවර් රගහලේදී අද පෙරවරුවේ පැවැත්වෙයි. රුක්මනී දේවි අනුස්මරණ සංගමය එය සංවිධාන කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...