යුක්රේණයට බ්‍රිතාන්‍යයෙන් තව තවත් යුද ආධාර
යුක්රේනයේ දිනිප්‍රෝ නගරයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවිය. සිදුවු ජිවිත හානි පිළිබඳව මේ දක්වා වාර්තාවී නැත. යුක්රේන බලධාරින් පැවසුවේ ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් 15 දෙනෙකු බේරාගත් බවයි. යුක්රේනය පුරා රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවී තිබේ. තවදුරටත් ප්‍රහාර එල්ලවිය හැකි බවට පවතින සැකය හේතුවෙන් ජනතාවට ආරක්ෂා සහිත ස්ථාන කරා යන ලෙස යුක්රේන බලධාරින් දැනුම්දී තිබේ. මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා පැවසුවේ යුක්රේනයට තව තවත් යුද ආධාර සපයන බවයි. යුක්රේනයේ සිටින රුසියානු හමුදා පසුබෑමට ලක්කිරීමට ඉවහල් වනු ඇතැයි ඔහු සදහන් කරයි. සපයන යුද ආධාර වෙනුවෙන් යුක්රේන ජනාධිපති ව්ලෝදිමිර් සෙලෙන්ස්කි මහතා බ්‍රිතාන්‍යයට සිය කෘතඥතාව පළ කර තිබේ.. එම ආධාර යුදබිම ශක්තිමත් කිරීමට මෙන්ම ප්‍රතිවාදීන්ට කිසියම් පණිවිඩයක් ගෙනයාමට ද හේතුවන බව ඔහු කියයි.