අධික සීතල කාලගුණයකින් දිල්ලි නුවරට බලපෑම්
මේ සතියේදී ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 දක්වා අඩු වනු ඇති බවට අපේක්ෂා කෙරේ. පසුගිය සිකුරාදා දිල්ලියේ අවම උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 10 යි දශම 2 ක් වශයෙනි. ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද හෙට සහ අනිද්දා දිල්ලියේ ප්රදේශ කිහිපයකට තද ශීිතල කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවයි. එම අනාවැකිවලට අනුව අයනගර් සහ දිල්ලියෙහි අවම උෂ්ණත්වය මෙම දිනවලදී සෙල්සියස් අංශක 3 ක් පමණ විය හැකිය. ඉතා අඩු උෂ්ණත්වය නිවාස නොමැති අයට සහ සතුන්ට දැඩි ලෙස බලපානු ඇති බවට අපේක්ෂා කෙරේ.