ලොව වටිනාම නිල්මැණික යළිත් දිවයිනට
මීට වසරකට පමණ පෙර රත්නපුර ප්රදේශයෙන් හමුවී විදෙස් රටකට අලෙවි කිරීමට ගෙන ගිය ලොව වටිනාම නිල්මැණික ලබන සතියේ යළිත් දිවයිනට රැගෙන ඒමට නියමිතයි.
මෙම මැණීක රසායනාගාර පරීක්ෂණයක් සදහා විදෙස් රටකට ගෙන ගිය බව මැණීක් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති විරාජ් ද සිල්වා මහතා පවසයි. එම පරීක්ෂණ කටයුතු අවසන් වී තිබෙ. ස්විට්සර්ලන්තයේ ඇති මෙම මැණික වෙන්දේසියකට යවන තුරු යළි දිවයිනට රැගෙන එන බව හෙතෙම පවසයි.
එහෙත් මෙම මැණික විදෙස් රටකට යවන ලද්දේ ඒ සදහා විශාල ඉල්ලුමක් ලෝක ධන කුවේරයන්ගෙන් ලැබී ඇති නිසා බව එවකට අධිකාරියේ හිටපු සභාපති තිලක් වීරසිංහ මහතා පවසා තිබිණි.
විදෙස් රටකට ගෙන ගිය එම මැණික යළිත් දිවයිනට රැගෙන එනු ලබන්නේ අධිකාරියේ මැදිහත්වීමකින් තොරව හිමිකරුගේ කැමැත්තට අනුව බවද වාර්තා වෙයි.