වසර 61 කට පසු චීන ජනගහනය පහළට
චීනයේ ජනගහනය පහළ ගොස් තිබේ. වසර 61 කට පසු එරට ජනගහනය 8 ලක්ෂ පනස් දහසකින් පමණ පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2016 වසරේදි එක් පවුලකට එක් දරුවෙකු පමණක් යනුවෙන් තිබු නීතිය චීනය ඉවත් කරන ලදී. ඒ අනුව එක් පවුලකට දරුවන් තිදෙනෙකු දක්වා බිහිකිරිමේ හැකියාව පවතී. පවුලක් නඩත්තු කිරිමේ දි අධික වියදමක් දැරීමට සිදුවන නිසා එරට ළදරු උපත් සංඛ්‍යාව ද පහළ ගොස් තිබේ.